කෘතිම හාල් හිඟයක් මැව්වොත් රටෙන් මෙට්‍රික් ටොන් 50000 ක්

වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ කෘත්‍රීම සහල් හිගයක් ඇති කළ හොත්,සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බවය.

නොවැම්බර් හා දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන එම හාල් තොගය ලක් සතොස හරහා වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කරාය.

මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක අතර එවැනි වෙළෙදුන් 44 ක් පසුගිය දිනවල කළ වැටලීම් වලදී හඳුනා ගෙන ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇත.

Recommended For You

About the Author: Editor