
ඉරානයේ බුෂෙර් වරායේදී නෞකා තුනක් ගිනිගෙන ඇතැයි එරට රජයේ පුවත් සේවය වන IRNA කියා සිටියා.ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඉරානයේ ජූනි මස අවසන් සතියේ සිට දිගටම පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තා වනවා. එයින් ආන්දෝලනාත්මක ම සිදුවීමක් වූයේ ඉස්ෆහාන් හි නටාන්ස් න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ජූලි 2 වනදා සිදුවූ පිපිරීමයි.
එය පිළිබඳ ඊශ්‍රායලයට චෝදනා එල්ල වෙමින් පවතිනවා.මීට දින කිහිපයකට පෙර ද ඉරානයේ කන්ටේනර් නැවක ගින්නක් වාර්තා වුණා.