
ඇමරිකාවේ CIA ඔත්තු සේවයට තොරතුරු ලබාදුන් චෝදනාව මත මරණ දඬුවම් නියමව සිටි ඉරාන ජාතිකයකුට එරෙහිව එම දඬුවම ක්‍රියාවට නගා තිබෙනවා.
එරට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සේවකයකු වන ඔහු රෙසා අස්ගාරි නම් අයෙක්.ඔහු CIA සංවිධානය වෙත ඉරාන මිසයිල පිළිබඳ තොරතුරු ලබා දී ඇතැයි චෝදනා කෙරෙනවා.
මේ අතර, ඉරාන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි පිළිබඳ තොරතුරු පිට කළ බවට වරදකරු වූ මහ්මුඩ් මුසාවි මජ්ද් වෙත පනවා ඇති මරණ දඬුවම තවම ක්‍රියාවට නගා නැහැ.