මේ ආහාර 5 නිතර භාවිතා කර කොවිඩ් පරදමුද

අපේ රටේ තියෙන ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර ගැන අපි ඔබට මතක් කරන්න අවශ්‍යයි හිතුවා.

මේ දවස් වල කොවිඩ් 19 නම් ලෝකය වෙලා ගත් වෛරසය ලොව පුරා ගමන් කර දෙවන රැල්ලක්ද සදමින් ශ්‍රී ලංකාවම භීතියට පත්කර අවසන්මේ ලිපිය ලියන විටත් COVID-19 සදහා නිශ්චිත ඖෂධ සොයා ගෙන ඇති බව තහවුරු කර නැහැ. ඒ වගේම කිසිම දේශීය ඖෂධයක් ඒ සදහා පිළියමක් බව විද්‍යාත්මකව තහවුරු කර නැහැ. නමුත් අපිට අපේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගෙන රෝග සදහා ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර අපිට එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. මේ බොහොමයක් ආහාර අපිට අමුත්තෝ නම් නොවෙයි. අපි එදිනෙදා ජිවිතයේ ගොඩාක් භාවිතා වෙන ආහාරයි.

මේ ප්‍රතිශක්තිය වඩවන ආහාර ඔබ විශේෂයෙන් එකතු කරගන්නවා නම් ඔබ සැලකියමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා විශේෂ රෝග වලින් පෙළෙන අය, ගර්භණි මව්වරුන් හා ආසාත්මිකතා ඇති අය ‌මෙවන් ආහාරයක් අලුතින් එකතු කර ගන්නා විට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඒ වගේම ප්‍රතිශක්තිය වඩවනවා කියු පමණින් මෙම ආහාර ප්‍රමාණය ඉක්මවා අනුභව කිරීමත් අහිතකර වෙන්න පුළුවන්.

ඒ නිසා සිහිබුද්ධියෙන් යුතුව මේ ආහාර එදිනෙදා ජිවිතයට ලංකර ගෙන ඔබේත් ඔබේ පවුලේත් ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න.

ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර 5 ක්

1.සුදුළූණු : සුදු ළූණු වල අඩංගු විඩමින් C සහ B6, ඛනිජ ලවණ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තීකරනය වැඩිකරයි. මෙහි ප්‍රතිජිවක සහ ප්‍රතිවෛරස්  ගුණාංග අඩංගුයි.

2.ඉගුරු : ඉඟුරු එයට ප්‍රති අවුලුවන සහ බැක්ටීරියා නාශක ක්‍රියා ඇත. එය පරිවෘත්තීය වේගවත් කරන අතර ශාරීරික ක්‍රියාකාරකම් වල කැලරි වැය වැඩි කිරීමට උපකාරී වෙනවා.මිනිසුන් විවිධ කෑම වර්ග සහ අතුරුපසවල මෙන්ම තේ වලද ඉඟුරු භාවිතා කරයි.

3.‌කොත්තමල්ලි : සෙම්ප්‍රතිශ්‍යාව,උණ,ඇගපත වේදනාව, අම්ල පිත්ත රෝග,  බඩේ අජිර්ණය , උණ අතිසාරය, සමේ ඇතිවන කුෂ්ඨ සදහා සුවය සලසා දෙන බව විශ්වාස කරනු ලබනවා.මෙහි විෂබීජ නාශක ගුණද සහිතයි.අපි එදිනෙදා භාවිතා කරන තුනපහ වල කොත්තමල්ලි අඩංගු වන අතර කොත්තමල්ලි පානයක් ලෙසද ගන්න පුළුවන්.

4.කහ : කහ වල ඇති ස්වාභාවික සංයෝගය වන කර්කුමින් එහි දීප්තිමත් වර්ණය ඇති කරනවා.එය ප්‍රති- අවුලුවන සංයෝගයකි. ප්‍රතිශක්තිකරණ සෛල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සහ ප්‍රතිදේහ ප්‍රතිචාර වැඩි දියුණු කිරීමට ද එය වැදගත් වෙනවා.කහ සහ ගම්මිරිස් එකතු කිරීමෙන් කර්කුමින් ජෛව උපයෝගීතාව සැලකිය යුතු ලෙස ඉහළ යයි.ශ්‍රී ලාංකික අපි දිනපතා ආහාර පිසීමේදි කුළුබඩුවක් ලෙස ව්‍යාංජන වලට එකතු කරනු ලබනවා.

5.බතල : සෑම බතල වර්ගයකම විටමින්, ඛනිජ ලවණ මෙන්ම ප‍්‍රතිඔක්සිකාරක සංයෝග පවතින බව පර්යේෂණාත්මකව සොයාගෙන තිබෙනවාවැඩෙන අවදියේ පසුවන කුඩා දරුවන්ට, ශරීරය දුර්වල  වූ හෝ ශරීර ශක්තිය ලබා ‌දෙන්න බතල වලට පුළුවන්.මෙහි අඩංගු බීටා කැරොටින් හි ඉහළම ‌ලෙස අඩංගුයි.මෙම පෝෂ්‍ය පදාර්ථය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආධාර කරන්නේ සුදු රුධිරාණු නිපදවීමට උපකාරී වීම මගිනි.එය බැක්ටීරියා සහ වෛරස් වලට එරෙහිව සටන් කරයි

Recommended For You

About the Author: Editor