අසර්බයිජාන් යුධකාමීහු පාර්ලිමේන්තුවට කඩා වදිති

ආර්මේනියාව සමග ඇතිවූ ගැටුම් සඳහා වඩා සක්‍රිය ලෙස හමුදා යොදවන ලෙස බලකරමින් අසර්බයිජාන යුධවාදී උද්ඝෝෂකයන් එරට පාර්ලිමේන්තුවට කඩා වැදුණා.

අද උදෑසන මෙසේ එම උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුවට කඩා වැදුණා. බාකු නගරයේ උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරනු ලැබුණා.ආර්මේනියාව හා අසර්බයිජානය අතර දේශසීමාවේ ගැටුම් අලුත් වූයේ ජූලි 12 වනදායි.

මෙහිදී අසර්බයිජාන හමුදාවේ ජෙනරල්වරයකු ඇතුළු එකොළොස් දෙනෙක් මියගොස් ඇතැයි ප්‍රකාශ කෙරුණා.නගාර්නෝ-කරබාක් ප්‍රදේශය අරභයා මේ දෙරට අතර ගැටුම් පවතින්නේ 1988 සිටයි.

Recommended For You

About the Author: Editor