
ආගමානුකූල ජීවිතය, සෑම අවස්ථාවකදීම සෑම කෙනෙකුටම පිහිටක් දෙයි ගෙන. අඹු සැමි යුවළක් තම ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස සලකන්නේ දරුවෙක් ලැබීමය. ඒ ආගමානුකූල ප්‍රාර්ථනා හා යහපත් සිතිවිලි සමුදායක් මවත් පියාත් දරුවෙකු පිළිසිඳ ගැනීමට හේතු වන ඒ එකතු වීමේ සිටම සිත්වල ඇතිකරගත යුතුය.
යහපත් දරුවෙකු බිහි කිරීමට ඒ සඳහා වෙන සූදානම් මුල් අවස්ථාවේ සිටම ආගම ධර්මය පිහිටක් කරගත හැකියි.
ගර්භණි කාලයේ කිසිදු සංකූලතාවකට පත් නොවී නිරෝගී බුද්ධිමත් දරුවෙකු බිහි කිරීම සෑම මවකගේම ප්‍රාර්ථනයක්.
දරුවකු බිහිවුණු දවසේ සිට නිරෝගීමත් දරුවකු ලෙස වැඩෙනවා හා හැදෙනවා දකින්න මවක තරම් මේ ලෝකයේ බලාපොරොත්තු තබා ගන්නා තවත් කෙනෙකු නැති තරම්ය. අපි බලාපොරොත්තු වෙන ආකාරයට නිරෝගීමත් බුද්ධිමත් දරුවකු හදා වඩා ගැනීමට අපි අදහන ආගම ධර්මය පිහිට වන්නේ කෙසේ ද?
බෞද්ධ හින්දු ක් රිස්තියානි මුස්ලිම් කවර ආගමක් ඇදහුව ද සියලු දෙනාටම පොදු දෙයක් තිබෙනවා. ඒ තමන් අදහන ආගම ධර්මය කෙරෙහි හිතේ ඇතිවන සහ ඇති කරගන්නා භක්තිය විශ්වාසයයි හා. මෙයින් සිතේ පහන් වීමක් සන්සුන් වීමක් සහ තැන්පත් වීමක් සිදු ද කරනවා. අස්ථානගත භයවීම් නැතිව යනවා. ඒ සඳහා ශරීරයේ ඇති රසායනික ද් රව් යවල තුලනයක් ඇතිවී ඒ රසායනික ද් රව් කුසෙහි ඉන්න ය ඒ දරුවාගේ පෝෂණයට, නිරෝගී බවට සහ ශක්තිය වැඩීමට උපකාරී වෙනවා. අම්මා කෙනෙකු දරුවෙකු ලැබෙන්න ඉන්න කාලයේ දී අත්දැකීම් රාශියකට මුහුණ දෙනවා. සමාජ තත්ත්වය හැසිරීම් රටාව පවුල් පසුබිම තුළ සමහර අම්මලා මත්ද් රව් ය ද තිබෙනවා ගන්නා අවස්ථා. ඒ වගේම අතවරයට ලක්වීම නිසා දරුවෙකු ලැබෙන්නට ඉන්න මවුවරු ද ඉන්න පුළුවන්. ඒ වගේම සමාජ රෝග සෑදී ඉන්න මවක් වෙන්නත් පුළුවන්.
කුමන ප්‍රශ්ණයකට මුහුණ දී සිටිය ද තම සිත පහන් සිතක් නොකර ගතහොත් හිතේ මානසික කම්පනය ශෝකී තත්ත්වය හා හිතේ කරදරකාරී තත්ත්වයෙන් යුතුව මානසික අසහනයෙන් පසුවන්නේ නම් එවැනි මවුවරුන්ගේ ශරීරයේ වෑස්සෙන රසායනිකයන්ගේ බලපෑමෙන් ගර්භාෂයටත්, ගර්භාෂය ආශ් රිත රුධිර වාහිනිවලටත් අවහිරතා හා බාධා ඇතිවී රුධිර ගමනට පවා එය බලපාන කරුණක් වෙනවා.
රුධිර ගමන අඩුවීම කුසෙහි ඉන්න දරුවාට බලපානවා. ඒ අනුව දරුවාගේ මොළයට ලැබෙන රුධිර ප් රමාණය ද අඩුවෙන්න පුළුවන්. එවිට දරුවා මොළය නොවැඩුණ මන්දබුද්ධික දරුවෙකු වෙන්නත් ඉඩ තිබෙනවා. සමහර විටෙක එවැනි තත්ත්වයක උපදින දරුවෙකු කලහකාරී දරුවෙකු වෙන්නත් පුළුවන්.
ඒ හා උදාහරණවලින් ඔබගේ සිත නිරෝගී දරුවකු බිහි කිරීම අතර කිට්ටු සබඳතාවක් තියන බව පේනවා නේද?
ඒ කාරණය වෛද් යවරුන් විසින් ඔප්පු කර හමාරය. මෑත කාලයේ දී විශේෂයෙන්ම පසුගිය දස වසරක පමණ කාලයක් මුළුල්ලේ සිදු පර්යේෂණ රාශියකින් කරන ලද ද ඒ කරුණු තහවුරු වී තිබෙනවා. ඒ පරීක්ෂණ මඟින් ඔප්පු වී තිබෙන්නේ දරුවෙකුගේ ඇසීම හා පෙනීම කුස තුළදීම සිද්ධ වෙන දෙයක් ලෙසයි.
සති 12 ක් වැනි කාලයකදී පවා දරුවාට ඇහෙනවා. බාහිර බලපෑම් නිසා දරුවාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එයින් කුස තුළ සිටින දරුවාගේ ශරීරයේ පවා රසායනයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ බව විද් යාත්මකව තහවුරු වී තිබෙනවා.
කලහකාරී හා ඝෝෂාකාරී ශබ්ද ඇසීම තුළ කුසෙහි සිටින දරුවාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එමෙන්ම දරුවාගේ රුධිර වාහිනී සංකෝචනය වීමෙන් නිපදවෙන රසායනික හිතකර නෑ.
දරුවෙකු ලැබෙන්න ඉන්න මවක ලබාගත යුතු පෝෂදායි ආහාර පිළිබඳ හා සෞඛ් යමය උපදෙස් වෛද් යවරයකු විසින් ලබාදීම සාමාන් දෙයක් ය. නමුත් දරුවා ලැබෙන තුරු අම්මත් දරුවත් නිරෝගීව සිටින්නට සෞඛ් ය ආගම ධර්මය උපදෙස් වගේම ද පිටිවහලක් කරගන්න පුළුවන්.
තමන් අදහන ආගම ධර්මය අනුව ඒ පිහිට ලබාගන්න පුළුවන්. දරුවාට පිරිත් ශ් රවණය ද වෙනත් ආගම්වල අයට නම් යාඥා දේව මෙහෙය යාතිකා ස්ත් රෝත් ර අසන්නට සලස්වා දරුවාට යහපතක් වේවායි ප් රාර්ථනා කරන්න පුළුවන්. කුසෙහි ඉන්න දරුවාට පිරිත් ගාථා ඇසෙනවා. බෝධිය ඉදිරිපිට සිට අම්මා බෝධි පූජා ගාථා කියන විට ඒ ගාථා දරුවාටත් ඇහෙනවා.
දරුවෙකු බිහි කිරීමට සිටින මවක කරන ක් රියා ඉතාම වැදගත්. ඔබ ආගම දහමේ කටයුතුවලින් බැහැර විනෝදකාමී අයකු නම් මනස සංවර කර කොට ගැනීම ප් රථම සිදු කිරීම ඉතාම වැදගත් කරුණකි. ඒ මන්ද යත් දරුවා පිළිසිඳ ගත් මොහොතේ සිට දරුවා බිහිවන මොහොත දක්වා එවැනි සිතක සිතුම් පැතුම් දරුවාටත් සෘජුවම බලපානවා. ඔබ දරුවෙකු හැදීමට දැන්ම සූදානම් නැති මවක නම් හොඳම දෙය එය කල් දැමීමය. දරුවෙකු බලාපොරොත්තු වන්නේ නම් ඒ ගැන හොඳින් සලකා බැලිය යුතුය.
ආගමානුකූල ජීවිතයේ සැනසිලිදායක සුවදායක කරුණු රාශියක් තිබෙනවා. ආගම කුමක් වුවත් තමන් අදහන ආගම ධර්මයට නැඹුරු වීම, බුද්ධිමත් නිරෝගී දරුවෙකු බිහි කිරීම උදෙසා කරන යහපත් ක් රියාවක් වනු ඇත.
අම්ම වගේම ද තාත්තා දැහැමි සිතිවිලි ඇතිකරගෙන කටයුතු කිරීමත් වැදගත්. පන්සලට පල්ලියට කෝවිලට යන විට අම්මා හෝ කර නැන්දම්මා සහභාගි ගන්නවාට වඩා ස්වාමිපුරුෂයා කැටුව යාමට උනන්දු විය යුතුය.
මවකට දරුවෙකු ලැබෙන්නට සිටින මුල් අවධියේ එනම් මුල් සති 6-8 කාලයේ ඇයට වමනය යාමත් වෙනත් විවිධාකාර අපහසුතාත් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම සිදුවන්නේ ශරීරයට ආහාරපාන මඟින් ඇතුළු වන දේ විස සහිත දරුවාගේ ශරීරයට නොයන්නටය.
එවැනි කාල වකවානුවක කාන්තාවක කෑමට පෙලඹෙන්නේ නියමිත ආහාර ප් රමාණයක් පමණි. ඒකට හොඳ හේතුවක් තිබෙනවා. දරුවට සති 12 ක් පමණ වෙද්දී මුල් වකවානුවේ පැවැති වමනය යාම නැතිව ද යනවා. ලෙඩ ද වගේ පැවැති තත්ත්වයන් නැතිව ගිහින් මව නියමිත ආහාරපාන ලබා ගන්නවා. එහෙම වෙන්නේ ඒ කාලයේ දරුවාගේ වර්ධනය සිදුවෙන කාලසීමාව නිසයි.
සති 12 න් පසු එළැඹෙන කාලය ද වැදගත් දරුවාගේ විකාශනය වූ ඉන්ද් රියන් වැඩී විශාල වීමක් සිදු වෙනවා ඒ කාලයේ. මොළේ වැඩීම සිදු ද වෙනවා. ඒ කාලයේ දී බාහිරින් ඇතිවිය හැකි අනපේක්ෂිත දේ විෂබීජ ඇතුළුවීමය.
අම්මාගේ ඇ ඟේ ඒ හැම දෙයකටම ප් රතිශක්තියක් ඇති කරනවා. මවගේ යහපත් සිතුවිලි ද ඒ ප් රතිශක්තියට හේතු වෙනවා. ගැබිනි කාලයේ ද දී භාවනාව යහපත් දෙයක්. ශරීරයේ සියලුම ඉන්ද් රියන්වල ක් රියාකාරිත්වය හොඳින් සිදුවන්නට රුකුලක් භාවනාව. මව රෝගවලින් ආරක්ෂා ද කරනවා.
භාවනාව ආශ් රිතව යහපත් පරිසරයක් ගොඩනඟා ගැනීම නිසා පිරිසිදු වාතය ඔක්සිජන් ප් රතිශතය හොඳ මට්ටමට එනවා. අනේ මගේ දරුවාට යහපතක්ම සිදුවේවා යන පිරිසුදු දැහැමි සිතිවිල්ල ප් රාර්ථනය කිරීමෙන් ඒ සිතිවිලි ධාරාව දෝංකාරය නංවමින් ඇඟ වටාම පවතිනවා. එය ලොකු ශක්තියක් ලෙස නොව පමණක් විශ්ව ශක්තියක් බවට ද පත්වෙනවා.
දරුවෙක් ලැබෙන්නට ඉන්න අවස්ථාවක බෞද්ධයකුට නම් හුරු පුරුදු පින්කමක් වන්නේ බෝධි පූජා පැවැත්වීමය.
අම්මටත් දරුවටත් කරදරයක් නොවෙන්නටත් කිසිදු උපද් රවයකින් තොරව අම්මාට දරුවා ලැබෙන්නට උතුම් ප් රාර්ථනා පෙරදැරි කරගෙන දරුවන් ලැබෙන්නට ඉන්න අම්මා වෙනුවෙන්ම ‘අංගුලිමාල’ පිරිත කීම බෞද්ධාගමිකයන්ගේ තවත් සිරිතක් හා චාරිත් රයකි. වරු පිරිත් දේශනා කිරිම දාන දීමත් ඒ වෙනුවෙන් බොහෝ දෙනා සිදුකරන පින්කම්ය.
දරුවෙකු ලැබෙන්න ඉන්න මවුවරුන්ට වැල ඳෙන ඇතැම් ව් යාධි තිබෙනවා. ගර්භ විස රෝගය, අධික රුධිර පීඩනය ආදිය. ඒවා ඇතිවන්නේ රුධිර වාහිනීවල හීන් වීම නිසාය. ඒ සිහින් වීම සිදුවන්නේ රසායනික නිසයි. ඒ රසායනය ඇතිවීම පාලනය කරන්න පුළුවන් අපේ මනසින්. ශරීරයේ එවැනි ප්‍රවණතාවයක් ඇතිවුණත් ඒ බව රෝගයේ තිබෙන උත්සන්න අඩුකර ගන්න පුළුවන් භාවනාව මෙත් සිත ආගම හා ධර්මයට නැඹුරු වීමෙන්.
බොහෝ අම්මලා හිතන්නේ උපදින්න ඉන්න දරුවාට අසාමාන් යතාවක් ඇති කියා. නමුත් මෙවැනි දෙයක් සිදුවන්නේ ඉතාම කලාතුරකින්. එය සියයට දෙකක් වැනි ප් රමාණයක්. මවුවරුන් කිසිසේත්ම එසේ නොසිතිය යුතුය.
කෙනෙකු පෙර ආත්මයේ අකුසල් කර තිබෙනවා නම් ඒවා ඵල දෙන්න තියෙනවා නම් ඵල දෙනවා. නමුත් කරන්න පුළුවන් එකම දෙයක් තිබෙනවා. එනම් අපි ආත්මයේදී කරන මේ ඒ යහපත් දේවලින් කර්මය අඩුකරගන්න පුළුවන්.
අම්මා කෙනෙකු වෙන්න ඉන්න අයකු හැම තිස්සේම හිතන්න ඕනෙ මගේ ජීවිතයේ පෙර කළ කර්ම තිබෙනවා නම් දැන් කරන පින්වලට මම ඒ කර්ම තුනී යන්න කියලා වෙලා. මටත් මගේ දරුවාටත් නිරෝගී සුවය ලැබේවා යන නිරන්තර සිතුවිල්ල මව ඇති කරගත යුතුය.