
දකුණු ආසියානු කාන්තා මැරතන් රන් පදක්කම්ලාභී හිරුණි විජේරත්න තමන්ගේ ක්‍රීඩා දිවියේ ආසන්න ඉලක්ක කිහිපයක් වෙනුවෙන් මේ දිනවල දිනකට පුහුණුවාර දෙකක් සිදු කරමින් සතියට කිලෝමීටර් 160 ක දුරක් ධාවනයේ යෙදෙන බව පැවසුවාය.
ඇයගේ විශාලතම බලාපොරොත්තුව ජපානයේ පැවත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් අවශ්‍යය සුදුසුකම ලබා ගැනීම සඳහා වන පරිසාධණ මට්ටම ඉක්මවා යාමය.
“කොවිඩ් 19 තත්ත්වය නිසා තරඟ නැහැ.ඒ වෙනුවෙන් තියෙන සෞඛය උපදෙස්වලට අනුව රෝගයෙන් වැළකෙන්න අවශ්‍යය පියවර ගැන කල්පනාවෙන් පුහුණුවීම් කරගෙන යනවා.ශාරිරික යෝග්‍යතාවය රඳවා ගනිමින්, දරා ගැනීම සහ වේග යෝග්‍යතාවයන් වෙනුවෙන් මහන්සි වෙමින් තරඟ කරනවා.ඒ මගේ බලාපොරොත්තු ඉලක්ක සඳහා යාම වෙනුවෙන්”යැයි හිරුනි තව දුරටත් කරුණු අවධාරණය කළාය.
ඔලිම්පික් සහභාගීත්වය සම්බන්ධයෙන් ඇති සිහිනය සැබෑ කර ගැනීම මෙන්ම ඇය සතුව පවතින කාන්තා මැරතන් තරඟ වාර්තාව වන පැය 2:34:10 තව දුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම,මීටර් 10000 ඉසව්ව වෙනුවෙන් ඇය සතුව පවතින විනාඩි 33;55.06 වාර්තාවද අලුත් කිරීම ඇයගේ අපේක්ෂාවය.එසේම සුජිවා නිල්මිණි ජයසේන සතුව පවතින විනාඩි 16:21.18 නම් වන වසර 17 ක් පැරණි වාර්තාවද තමන් සතු කර ගැනීම මේ දිනවල හිරුනි දැඩි කැපවීමෙන් සහ මහන්සියෙන් කරන පුහුණුවීම්ව අපේක්ෂාවයි.
දැනටත් මාර්ග ධාවන වාර්තා ගතහොත් කිලෝමීටර් 5 සිට අර්ධ මැරතන් තරඟයද ඇතුළුව,මැරතන් ඉසව්ව දක්වා වන මාර්ග ධාවන තරඟ වාර්තා ලියැ වී ඇත්තේ ද හිරුනි විජේරත්න නමින්ය.
@නිශ්මං රණසිංහ