
මනුස්සයෙක්ගෙ Psyche එක ගැන Theory එකක් වඩාත් සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් උනේ, Austrian Neurologist කෙනෙක් වෙච්ච Sigmund Freud. Freud කියද්දි හැමතිස්සෙම ඒ එක්කම මතක් වෙන වචන දෙකක් තියෙනවා, ඒ Oedipus Complex & Psychoanalysis.

Oedipus Complex එක කියන්නෙ, කුඩා කාලයේදි, පිරිමි හෝ ගැහැණු දරුවා තමන්ගෙ දෙමව්පියන්ගෙන්, විරුද්ධ-ලිංගික දාරකයාට දක්වන Unconscious Sexual Desire එක ගැන, Freud අතින් විස්තර වීමක්**
(**disclaimer : මම Psychology major කෙනෙක් නොවන හින්දා, මේ Theory & වචන යොදාගැනීම ගැන නිවැරදි කිරීමක් ඇතිනම්, එයට මෙය විවෘතයි හා සංවාදයට විවෘතයි)
Oedipus Complex එක ගැන මූල බීජය Freudට, Greek Mythology එකක් හරහා එනවා.
මේ Oedipus Complex එකේ Counter Part එක වෙන, Jocasta Complex එක ගැන ලියවෙච්ච ගීතයක් & ඒ හරහා ගොඩනැගිච්ච “Mini-Opera” එකක්, 90s වල Seattle Grunge Movement එකේ ප්‍රධානම Band එකක් වෙච්ච, “Pearl Jam”ලා අතින් හැදෙනවා. ඒක “Mamasan Trilogy” විදියට නම්බැඳිමක් වෙනවා.

Mamasan Trilogy එක හැදෙන්නෙ සින්දු 3කින්, අනුපිලිවෙලින්,
- 1. Alive
- 2. Once
- 3. Footsteps
Mamasan Trilogy එහෙමත් නැතිනම් “Moma-Son” Trilogy එකේ Lyrical Representation ගැන කතාකරන්න කලින්, Oedipus & Jocasta ගැන කතාන්දරය කියවාගන්න අවශ්‍යයි.

සංක්ෂිප්ත විදියට,
Jocasta කියන්නෙ ග්‍රීක පුරාවෘත්ත වලට අනුව Laius කියන Thebean රජුගෙ බිරිඳ. Laiusට අහන්න ලැබෙනවා අනාවැකියක්. ඒ,
“Laiusට දාව පිරිමි දරුවා අතින් ඔහු මරණයට පත්වී, එම පිරිමි දරුවා Jocastaව විවාහා කරගන්නා බව”
මේ කාරණයට බය වෙච්ච Laius, විවාහයෙන් පස්සෙ Jocastaට උපදින දරුවා, Oedipus ව King Polybus ට භාරදෙනවා.
කාලෙකට පස්සෙ තමන් ගැන කිව්ව අනාවැකිය ගැන දැනගන්න Oedipus, ලොකු උනාට පස්සෙ, Polybusගෙ රැකවරණයෙන් පලායනවා. ඒ Polybus & ඔහුගෙ බිරිඳ තමන්ගෙ මව්පියන් කියා තමන් දන්න නිසා, තමන් අතින් ඔවුන් දෙදෙනා මරණයට පත්වෙයි කියල ඇතිවෙන බය හින්දා.
මේ පලායාමේදි, Oedipusට Laius මුණගැහෙනවා. Laius එක්ක ඒ වෙලාවෙදි ඇතිවෙච්ච බහින්බස් වීමක් හින්දා, Oedipus අතින් Laiusව මරණයට පත්වෙනවා. අනාවැකියේ පලවෙනි කොටස සම්පූර්ණ වෙනවා. මෙයින් පස්සෙ, Oedipus, Thebes වල රජකම ලබාගන්නවා.
මෙතනින් පස්සෙ, Oedipus තමන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න කියල හිතාගෙන, Jocastaව විවාහා කරගන්නවා, ඒ අනාවැකියේ දෙවැනි කොටස සම්පූර්ණ කරවමින්.
කල්ගතවෙනවාත් එක්කම, Oedipusට දැනගන්න ලැබෙනවා තමන්ගෙ ඇත්ත කතාව. ඒත් එක්කම, Jocasta සියදිවි හානිකරගන්නවා. Oedipus තමන්ගෙ ඇස්දෙක එලියට ඇදල අරගෙන අන්ධ වෙලා නගරයෙන් පිටමං වෙනවා. මේ කතාව, Sophoclesගෙ “Oedipus Rex” කියන නාට්‍යයේ අන්තර්ගත වෙනවා.

මේ පුරාවෘත්තයේ මතකයත් එක්ක, 1920 වගේ කාලයට එන්න අවශ්‍යය වෙනවා. ඒ Jocasta Complex එක ගැන Theoritical කතාව එලියට එන තැන අඳුනගන්න. Oedipus ගැන විවරණය එන්නෙ Freud අතින් උනාට, Jocasta ගැන විවරණය එන්නෙ, ස්විස් ජාතික psychoanalyst කෙනෙක් වෙන, Raymond de Saussure අතින්.
Saussure, 1922දි Freud එක්ක Psychoanalysis ගැන ලියන පොතකදි (La méthode psychanalytique), Jocasta Complex එක ගැන මේ විදියට සඳහන් වෙනවා [merriam-webster]
“Libdinal fixation of a mother for her son”**
මේක සරල ආකාරයට හරවගත්තොතින්,
“ස්වාමිපුරුෂයා මියගිය හෝ වෙන්වුන කාන්තාවකට, තමන්ගෙ පුත්‍රයා ගැන ඇතිවෙන ව්‍යාභිචාරී ලිංගික ආශාව හා ඒ සමග ඇතිවන සංකීර්ණය (Incestuous Sexual Desire & Complex)”**
මෙන්න මේ Jacosta Complex එක ගැන හිතේ තියාගෙන, Mamasan Triology එකේ, පලවෙනි සින්දුව බලන්න අවශ්‍යයි. ඒ,
“Alive”
Lyrics
=========================
V1
Son, she said
Have I got a little story for you
What you thought was your daddy
Was nothin’ but a
V2
While you were sittin’
Home alone at age thirteen
Your real daddy was dyin’
Sorry you didn’t see him
But I’m glad we talked
C
Oh I, oh, I’m still alive
Hey, hey, I, oh, I’m still alive
Hey I, oh, I’m still alive, yeah oh
V3
While she walks slowly
Across a young man’s room
She said I’m ready, for you
I can’t remember anything
To this very day
‘Cept the look, the look
Oh, you know where
C
Now I can’t see, I just stare
I, I, I’m still alive
Yeah, yeah I, oh, I’m still alive
Yeah, yeah I, oh, I’m still alive
Yeah, yeah I, oh, I’m still alive, yeah
B
Is something wrong?
She said
Of course there is
You’re still alive
She said
Oh do I deserve to be?
Is that the question?
And if so, if so
Who answers?
Who answers?
C
I, I, I’m still alive
Yeah, yeah I, oh, I’m still alive
Yeah, yeah I, oh, I’m still alive
Yeah, yeah I, oh, I’m still alive
Yeah, yeah, yeah, yeah, yeah, yeah
Oh oh, yeah oh, ooh oh, yeah, oh
Yeah, yeah, yeah, yeah
=========================
සින්දුව ලියවෙන්නෙ, 1st person narrative එකකින්.
මෙතනදි Story එක ගලායන Verses ගැන පලවෙනියට අවධානය යොමු කලොත්,
1st & 2nd Verses වලදි (V1 & V2), තරුණයාට මව කියනවා,
ඔහුගෙ පියා ඔහුට අවුරුදු 13දි මියගිය බවත්, දැනට ඉන්න පියා ඔහුගෙ ඇත්ත පියා නොවෙන බවට. මේක අවසානයේ තමන්ට කියන්න අවස්ථාවක් ලැබිච්ච එකට සතුටක්, ඇය කියනවා. තමන්ගෙ මියගිය සැමියාගෙ රූපයෙන්ම තමන්ගෙ පුතා, තරුණයෙක් වෙලා දකින්න ලැබීම ගැන ඇයට ඇතිවෙන Libidoව ගැන ව්‍යංගාර්ථ ඉඟියක් දෙනවා.
3rd Verse වලදි (V3),
මව, තරුණයාගෙ කාමරයට ඇවිත්, තමන් ඔහුට “සූදානම්” බවට ඉඟියක් දෙනවා. මෙතනදි, ඇයගෙ Jocasta Complex එක එලියට පනිනවා. ඇය එතනදි ඉඟි කිහිපයකින්, තමන් එක්ක ව්‍යාභිචාරයට එන විදියට තරුණයාට සැල කරනවා. මේක මැද වාක්‍යය කියවද්දි හොඳින් තේරුම් ගන්න පුළුවන්, වචන යොමලා තියෙනවා. තරුණයාට මේ අවස්ථාව, ලොකු ක්ෂිතිමය අත්දැකීමක් වෙනවා. මේක අමතක කරන්න බැරි තදින් කාවැදිච්ච සිද්දියක් විදියට ඔහුගෙ හිත ඇතුලට යනවා. මේ හින්දා ඔහු ලොකු Psychological Shock එකකට යනවා.
එතනින් පස්සෙ තියෙන Chorus (C) & Bridge (B) වලදි ඔහුගෙ ඒ Shock ඇතුලෙදි තමන්ගැන ඇතිවෙන පිලිකුල හින්දා ඇතිවෙන තත්වයක් එක්ක (Schizophrenia ??) එක වචනයක් කියවෙනවා, ඒ “I’m still Alive” කියන එක. මේක තමන්ගැන ඇතිවෙච්ච පිලිකුල එක්ක “මම තාම ජීවතුන් අතර !!” වගේ Tone එකකින් කියවෙනවා.
සින්දුවෙ meaning එක Amplify කරන්න මේ Chorus එකේ ඒ වචන ඛණ්ඩය මාර විදියට වැදගත් වෙනවා. සින්දුව අන්තිමට ඉවර වෙන්නෙ Eddie Vedder පිස්සුවෙන් වගේ කියවන ගමන්, Mike McCreadyගෙ තද Guitar Solo එකකින්.
සින්දුවෙ Musical Elements ගැන කතා කලොතින්, සින්දුව අයිති වෙන්නෙ 1991දි release කල “Ten” album එකට. සින්දුවේ Melodical Writing එක වෙන්නෙ, Stone Gossard අතින්, ඒ Vedder Vocalist විදියට Band එකට Join වෙන්නත් කලින්, Gossard, Mother Love Bone එක්ක ඉන්න කාලෙදි. සින්දුව Title වෙන්නෙ, “Dollar Short” විදියට. සින්දුවෙ Lyrical Writing එක වෙන්නෙ, Vedder අතින්. ඒ Gossard, Vedderට යනව Demo Tape එකට recording එකක් විදියට. Vedder මෙතනදි, තමන්ගෙ ජීවිතේ වෙච්ච අත්දැකීමක් සින්දුවට එකතු කරනවා. ඒ Vedderට, ඔහුගෙ අම්මා කරන reveal එකකින් පස්සෙ. ඒ “Vedderගෙ ඇත්ත පියා මියගිය බවත්, දැන් හඳුනාගන්නා පියා තමන්ගෙ සුළු-පියා බවත්”. මේ ඇත්ත කතාවට, Vedderගෙ Creative Spirit එක එකතු කරල සින්දුවට Jocasta Complex එකේ කෑල්ල එකතු කරනවා.
සින්දුවෙ Mode එක වෙන්නෙ, E Dorian Mode එක. මෙතනදි, Minor over Major විදියට වෙනස් කරල, E Dorian Mode එකේ, E Minor එක, E Major කරල තියෙනවා. සින්දුවේ E minor Pentatonic එකටත් අයිතිවෙන හින්දා, ඒ වෙනස් කිරීම හොඳට කරන්න පුළුවන්. Grunge & Pearl Jam වල “Tone” එක එකතුවෙන විදියට සින්දුව Compose වෙනවා & 1991 January වලදි, සින්දුව London Bridge Studio එකේදි record වෙනවා. මේ සින්දුව, Pearl Jamලට ලෝක-ප්‍රසිද්ධ Band එකක් වෙන්න මග හදලා දෙනවා.
+++++++++++++++++++++++++++++++++++
මේ ක්ෂිතිමය අත්දැකීමට පස්සෙ, කතාවේ Protagonist වෙන තරුණයාට ඇතිවෙන්නෙ, PTSD හා සමාන තත්වයක්**. මේ හරහා ඇතිවෙන Psychotic Behavior එක, Mamasan Trilogy එකේ දෙවැනි ගීතයෙන් පැහැදිලි කරනවා.
“Once”
Lyrics
=========================
V1
I admit it, what’s to say
I’ll relive it, without pain
Backstreet lover on the side
Of the road
I got a bomb in my temple that is gonna explode
I got a .16 gauge buried under my clothes, I play
C
Once upon a time I could control myself
Once upon a time I could lose myself
Oh try and mimic, what’s insane
I am in it, where do I stand?
V2
Indian summer I hate the heat
I got a backstreet lover on the passenger seat
I got my hand in my pocket so determined discreet, I pray
O
Once upon a time I could control myself
Once upon a time I could lose myself
Once upon a time I could control myself
Once upon a time I could lose myself
Once upon a time I could love myself
Once upon a time I could love you
Once
Once
Once
Once
Once
Once
Yeah yeah yeah yeah
=========================
Lyrics වලින් කියවෙන විදියට, මෙතනදි තරුණයා Serial Killer කෙනෙක් විදියට හැරෙනවා. ඒ “Alive” සින්දුවෙ වෙච්ච ක්ෂිතිමය අත්දැකීමේ ප්‍රතිඵලයක් විදියට.
පලවෙනි Verse එකේදි (V1), අමුතු reference ටිකක් කරනවා.
එතනදි, “Backstreet Lover” විදියට හඳුන්වන්නෙ, ගණිකාවක්. ඒ වගේම, Sexual references ගැන මෙතනදි කියවෙනවා. “Bomb in my Temple” කියන එක මේ Serial Killerගෙ Libidoව ගැනත්, “.16 gauge burried under my cloths, I play” කියන එකෙන්, Literally තුවක්කුවක් ගැනත්, Figuratively ලිංගෙන්ද්‍රිය ගැනත් හැඟවෙනවා. ගණිකාවන්, දූෂණයට ලක්කරලා මරල දාන Serial Killer කෙනෙක්ගෙ කතාවක පලවෙනි Phase එක විදියට, මේ Verse එක අඳුනගන්න පුළුවන්. “I admit it, what’s to say, I’ll relive it, without pain” කියන කොටස, මේ Serial Killerගෙ ස්වයං-පාපොච්චාරණයක් හරි Police Interrogation එකකදි කියන පාපොච්චාරණයක් බවට හැඟවෙනවා.
මේ V1 වලදි පටන් ගන්න Story Telling එක, Alive වලට සම්බන්ධ කලොතින්. තමන්ගෙ මවගේ යෝජනාවත් එක්ක ඇතිවෙන පිලිකුල, මේ තරුණයා, Psychotic තත්වය යටතේ වෛරයක් බවට හරවාගෙන, මවගේ ආදේශකය විදියට ගණිකාවන් ආදේශනය කරල, ඔවුන් මරාදමන්න කටයුතු කරනවා කියල හිතන්න පුළුවන්. මේ කතාව එක්ක තවත් යමක් සඳහන් කරන්න අවශ්‍යයි, ඒ මේ Triology එකේ 3වෙනි ගීතයට (Footsteps) පදනම් වෙච්ච, “Green River Killer”/ Gary Ridgwayගේ ජීවිතය, මේ Alive & Once සින්දු දෙකෙන්ම නිරූපණය කරනවා කියල හිතන්නත් පුළුවන්. ඒ තවත් අමතර දිශාවකට මේ Triology එක හැරවීමක් (උනන්දු අය Green River Killer ගැන කියවල බලන්න පුළුවන්)

Chorus (C) කියවෙන විදියට, අර කලින් Alive සින්දුවට සම්බන්ධ වෙනවා.ඒ “Once I could control myself” කියන කොටසෙන්. තමන්ගෙ මවගෙන් අපහරණයට ලක්වෙන්න කලින්, තමන්ගෙ Sane period එක ගැන මතකය අවධිකිරීමක් විදියට අඳුනගන්න පුළුවන්.
V2 වලදි, “Indian Summer I hate the Heat” කියන phrase එකෙන්, මේ Serial Killerගෙ “අධික කාමාශාව” ගැන ඉඟියක් දෙනවා. එතනදිත්, ගණිකාව ගැන ඉඟිය දෙන, “Backstreet Lover” කියන වචනය යෙදෙනවා. එතනදි පලවෙනි Verse එකට වඩා වෙනස වෙන්නෙ “on the passenger seat” කියන තැනින්. පලවෙනියට “on the side of the Road” කියන එක, දෙවැනියට මේ විදියට වෙනස් වෙනවා. එතනින් හැඟවෙනවා, මේ Serial Killer තමුන්ගෙ Killing එකක් ගැන විස්තර කිරීමක් කරන කතාව කියනවා කියල. පාරෙ හිටිය ගණිකාව තමන්ගෙ වාහනේ Passenger seat එකට ඉන්දවගත්තා කියන narrative එකත් එක්ක. මෙතනදි, “I got my hand in my pocket so determined discreet, I pray” කියන reference එක එනවා. මෙතනදි මේක Literally, තමන්ගෙ සාක්කුවේ තියෙන Gun එක ගැනත්, Figuratively, ලිංගෙන්ද්‍රියේ ඍජු වීම පාලනය කරගන්න අතින් වසාගැනීමක් ගැන ඉඟිකරනවා. එතනදි දෙවැනි අදහසට වැඩි නැඹුරුවක් දෙන්න පුළුවන් වෙන්නෙ, “I pray” කියන කොටසින්. මොකද erection එක නවත්තාගැනීම ඔහුට කරන්න බැරි දෙයක් නිසා.
Mamasan කියන වචනය ගැන කියන්නත් අවශ්‍යයි. Mamasan Triology කියන විදියට පෙරලද්දි, “Momma-Son” triology කියල නම් කරන්නත් කටයුතු යෙදෙනවා, සින්දුව හැදෙන Context එක හින්දා. මීට අමතරව, “Mama-San” කියන වචනය (මමා-සාන්), නැගෙනහිර ආසියාවේ (ජපානය, චීනය) වගේ රටවලදි ගණිකාමඩමේ පාලිකාවට යොදාගන්න වචනයක් විදියටත් පාවිච්චි වෙනවා. ගණිකාවන් සම්බන්ධතාවක් තියෙන නිසා මේ වචනය හරහාත් ගීතයේ අර්ථය විමසන්න පුළුවන්. හැබැයි එතකොට Jocasta Complex එකෙන් අපගමනයක් වෙනවා.
Outro Chorus එකේදි කියවෙන්නෙත් පලවෙනි Chorus එකේදි වගේම, මතකය අවධිකිරීමක්.
Eddie Vedder මේ සින්දුව කියන්නෙ, ආවේශ වෙලා වගේ. ඒ කියන්නෙ අර, Serial Killerගෙ Mood එක delverance එක හරහා ලබාදෙනවා. ගීතයේ සම්පූර්ණ Musical Mood එක Aggresive tone එකකින් යන්නෙ. තවත් හොඳම දෙයක් වෙන්නෙ, සින්දුව පටන්ගනිද්දි, Slow Intro එකක් යන එක. බොහෝම Mild-dream like intro එකක්. මේක මීට කලින් “Alive සින්දුවට sequel එකක්” කියන්න ඒ කොටස ගොඩක් වැදගත් වෙනවා ( Guns N’ Rosesලගෙ Lopsided Video Triology එකේදි “Don’t Cry” & “November Rain” Connect කරනවා වගේ)(Lopsided Triology එක ගැන වෙනම ලිපියකින් කතා කරමු !!). ඒක Percussion එකක් එක්ක ගිටාර් එකක පොඩි කොටසක්.
සින්දුව හැදිලා තියෙන්නෙ, මූලිකවම, Db Phrygian Mode over C#minor Penatonic එකේ. සින්දුව පුරාවට තියෙන “ගුප්ත” ගතිය ගන්න මේ Phyrgian Mode එකට පුළුවන් වෙලා තියෙනවා ඒත් එක්කම rock වල Taste එක, Pentatonic Mode එකෙන්. සින්දුව අහද්දි මේක හොඳට තේරෙනවා.
Musical Elements බැලුවොත්. සින්දුවෙ Melodical Writing එක වෙන්නෙ Gossard අතින්. සින්දුවෙ Demo Recording එක, 1990දි, Alive ලියන කාලෙදිම වෙනවා. Gossard, මේ සින්දුව, “Agyptian Crave” විදියට නම් කරනවා. සින්දුවට, Lyrical Writing එක එකතු වෙන්නේ, Vedder අතින්, Alive සින්දුවත් එක්කම වගේ. සින්දුව Ten Album එකට එකතු කරන්න Record කරන්නෙ, 1991 මාර්තු මාසෙ අග කාලයේදි. මේ සින්දුව, Ten Album එකේ Opening Track එක විදියටත්, Alive EP එකේ B side එක විදියටත් තියෙනවා.
+++++++++++++++++++++++++++++++++++
Serial Killer කෙනෙක්ට තමන්ගෙ කල වරද ගැන, වැටහීමක් එන්නෙ, හුඟක් වෙලාවට Storm එක Calm උනාට පස්සෙ. Triology එකේ 3වෙනි සින්දුව, මේ කතාවේ තරුණයාගෙ මරණය/මරණ දණ්ඩනය ඉදිරියේදි ඇතිවෙන සිතුවිලි විදියට එනවා. මේ,
“Footsteps”
Lyrics
=========================
V1
Don’t even think about reachin’ me, I won’t be home
Don’t even think about stoppin’ by, don’t think of me at all
I did, what I had to do, if there was a reason, it was you
V2
Aah…don’t even think about gettin’ inside
Voices in me head, ooh, voices
I got scratches, all over my arms
One for each day, since I fell apart
I did…oh, what I had to do, if there was a reason, it was you
C
Footsteps in the hall, it was you, you, oh
Pictures on my chest, it was you, it was you
V3
Hey…I did, what I had to do, oh, and if there was a reason
Oh, there wasn’t no reason, no
And if, there’s something you’d like to do
Just let me continue, to blame you
C
Footsteps in the hall, it was you, you, oh
Pictures on my chest, it was you, you, oh
=========================
මරණ දණ්ඩනය, හුඟක් වෙලාවට විදුලි පුටුවට කලින්, තරුණයාගෙ හිතේ වෙන සිද්ධිදාමය ගැන මේ සින්දුව පුරාවටම කියවෙනවා.
1st Verse එකේදි (V1), තමන් ගෙදර නැතිබවත්, තමන් බලන්නට මෙතනට කාටවත් නොඑන විදියට ඉල්ලනවා. ඔහු තමාට මේ විදියට දේවල් කරන්න, දරුණු අපරාධ කරන්න හේතුව උනේ “ඔබයි” කියනවා. “If there’s a Reason, it was you” කියන කොටසෙන් කියනවා. මෙතන You විදියට හඳුන්වන්නෙ, Alive වලදි තමාව අපහරණය කල මව කියන එක අපිට Mamasan Triology එකෙ 3වෙනි සින්දුව මේක කියද්දිම හිතෙනවා.
2nd Verse, V2 වලදි කතා කරනවා, “Voices in my head” කියන එක. මේ දේ ඇත්තටම කලින් අර වෙච්ච ක්ෂිතිමය අත්දැකීමෙදි වෙච්ච කතාව නැවත ඇහීමක් වගේ එහෙමත් නැතිනම් තමන්ගෙ Schizophrenic තත්වය නිසා ඇතිවෙන “කටහඬවල්” කියල හිතන්න පුළුවන්. තවත්දුරට, ඒවා තමන් අතින් මරණයට පත්වෙච්ච ගැහැණුන්ගෙ කටහඬවල් වෙන්න පුළුවන්. තව මෙතනදි “Scratches” ගැන කතාකරනවා. මේ Scratches කියන්නෙ සමහරවිට හෙරොයින් Needle points හෝ Self Mutilations වල Marks වෙන්න ඉඩ තියෙනවා. මෙතනදි තරුණයා, Scratches ප්‍රමාණය තමන්ට මරණයට ඇති දින ගණන Count කරන Calender එකක් කරගන්නවා. මෙතනදිත්, Reason is you කියල කියවෙනවා. ඒ තමන්ගෙ මව ගැනමයි.
Chorus එකේදි (C), “Footstep in the Hall, it’s you” කියනවා. මෙතනදි, සිහිනමය අත්දැකීමක් & ස්මරණ අත්දැකීමක් ගැන ඉඟියක් දෙනවා. Cell එක ඇතුලෙදි නිදාගෙන ඉද්දි, Hall එකේ Prison Gaurdලා ඇවිදින විදිය, ඇයගෙ පැමිණිම කියල තරුණයා මවා ගන්නවා හෝ ස්මරණිය විදියට, Alive වලදි, ඇය ඔහුගෙ කාමරය හරහා ඇවිද ගිය විදිය ගැන ඔහුට මතක් වෙනවා. “Pictures in My chest, it’s you” කියන කොටසෙන් තමන්ගෙ මතකයේ ඉන්න ඇය ගැන සිහිවෙනවා. Jocasta Complex එකෙන් පීඩනයට පත්වෙන තරුණයා, Psychotic තත්වයකට පස්සෙ ඔහුගෙ Oedipus Complex එක නිසඟයෙන් ක්‍රියාත්මක කරගන්නවා. ඇය ගැන ඒ ආදරය ගොඩනැගෙවනවා. Once වලදි තිබ්බ Rage එක නැතිවෙලා ගිහිං, මැරෙන්න කලින් මොහොතෙදි මේ දේ හිතනවා.
3 වෙනි Verse (V3) එකේදි කියවෙන්නෙ, තමන් මෙච්චර කල් කල, Blame Shift එක දිගටම ඇයට පවරන බව. ඔහු මේ තත්කයට එන්න හේතුව උනේ ඇය කියන එක ඔහු නොකඩවා කියනවා, මේවා කරන්න හේතු & අහේතුකයි කියන එක ඔහු කියනවා. මෙතනදි පැහැදිලිවම, ඔහුගෙ Oedipus තත්වය ක්‍රියාත්මක වෙලා තියෙනවා කියල පේනවා. ඊලඟ Chorus එකෙත් පෙර පරිදිම, ඇය ගැන මතකය හා ආදරය ගැන කියවෙනවා.
මේ ගීතය සංගීත ආඛ්‍යානයෙන්, ගොඩක් Slow සින්දුවක්. C Major Scale එකේ Lydian & Phyrgian Mode වල සින්දුව විචලනය වෙනවා කියල හිතන්න පුළුවන්. සින්දුව ඇතුලෙ Chorsds play වෙන්නෙ නැති තරම්. පලවෙනියටම ඇහෙන Riff එක දිගටම සින්දුව පුරාවට වාදනය වෙනවා. සින්දුව ගොඩක් අඩු BPM එකක තමයි යන්නෙ. මේක සින්දුවට තියෙන Melancholia එක තීව්‍ර කරන්න සමත් වෙනවා.
අනිත් සින්දු 2 වගේම මේ සින්දුවෙත් Melodical Writing Gossard අතින් 1990දි වෙනවා. Chris Cornell එක්ක Eddie Vedder, Gossard, Matt Cameron, Jeff Amment & Mike McCready ඉන්න, “Temple of the Dog” බෑන්ඩි එකට මේ Melodyය Gossard දෙනවා. ඒක, Chris Cornellගෙ වචන වලිනි, “Times of Trouble” විදියට හැදෙනවා. Eddie Vedder මේ Melody එකටම තමයි, Footsteps සින්දුව හදන්නෙ. 1991 Jeremy EP එකේ B Side එකේ තිබුනත් මේ සින්දුව Album එකක් විදියට එන්නෙ, 2003 Lost Dogs Live Album එකේදි.

+++++++++++++++++++++++++++++
මේ Mamasan Triology එක 1992.06.18 perform කරනවා, Zurich වලදි. මේක අතිවිශේෂ අවස්ථාවක්. මේක ගැන Vedder බොහොම Open ව කතාකරන්නත්, මේ ගැන කතාබහ ගැන ඔහුගෙ කතාවත් කියවෙනවා.
ලිපිය ගොඩක් දිග උන හින්දා අමතර කරුණු ගැන කතාකරන්න/ප්‍රතිචාර වලට ඉඩ තියෙනවා. ඒ කොහොම උනත් මේක musicology වල ටිකක් වැදගත් Step එකක්. 90s Music කියන්නෙ, Rock වල Litreature එකේ Climax එක කිවිවොත් ඒක වැරැද්දක් නැහැ. Instrumental වලින් එහාට ගිහිං වචන වලින් පෙරලි කරන්න මේ කාලෙ සින්දු වලට හැකියාව තියෙනවා. මේ Mamasan Triology එක ඒකට හොඳම උදාහරණයක්.

#grunge #rock #freud #oedipus #jocasta #mythology #90s #musicology