ප්‍රකට පුද්ගලයන් රැසකගේ ට්විටර් ගිණුම්වලට හැකර් ප්‍රහාරයක්

හිටපු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, හිටඖ උප ජනාධිපති ජෝ බයිඩන්, මයික්‍රසොෆ්ට් හි බිල් ගේට්ස්, ටෙස්ලා හි ඊලොන් මස්ක් ආදී ප්‍රකට පුද්ගලයන් සහ ආයතන ගණනාවක නිල ට්විටර් ගිණුම් වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වුණා.

කන්යේ වෙස්ට්, ජෙෆ් බේසොස්, මයිකල් බ්ලූම්බර්ග් මෙන්ම ඇපල් හා ඌබර් සමාගම්වල ද ට්විටර් ගිණුම් ඔස්සේ මෙම පණිවිඩ පළ වී තිබුණා.මෙය බිට්කොයින් වංචාවක් උදෙසා එම ගිණුම් භාවිතා කිරීමේ උත්සාහයක් වුණා.

පැය බාගයක් තුළ ඩොලර් 1000 ක් වටිනා බිට්කොයින් එවා තම මුදල දෙගුණ කරගන්නා ලෙස දැක්වෙන ප්‍රකාශයක් එම ගිණුම්වල පළවී තිබුණා.මෙම ට්වීට් පණිවිඩ වහා ඉවත් කෙරුණ අතර මෙම සිද්ධිය පිළිබඳ සොයාබලන බව ට්විටර් ආයතනය කියා සිටියා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor