බැඳුම්කර වංචාව මුදල් විශුද්ධිකරණ පනත යටතට

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනා අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ , එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවය. ඊට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන සිදු කෙරෙන බව එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Recommended For You

About the Author: Editor