
ඉන්දීය ප්රහසනාත්මක අංග ඉදිරිපත් කරන්නියක ( standup comedian) වන අග්රිමා ජෝෂුවා දූෂණය කරනවා යැයි තර්ජනය කර වීඩියෝ පට නිකුත් කර තිබූ ෂුබම් මිශ්රා සහ ඉමිතියාස් ෂෙයික් නම් යූටියුබ්කරුවන් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජෝෂුවා වෙත මෙසේ තර්ජන එල්ල් වී ඇත්තේ ඉන්දීය රණ ශූරයෙකු ලෙස සැලකෙන චත්රපති ශිවාජීගේ පිළිරුවක් අළලා ඇය විසින් කරන ලද විහිළුවක් හේතුවෙන්. එම විහිළුව පිළිබඳ ඇය පසුව සමාව අයැද සිටියත් ඇය වෙත එල්ල්වන තර්ජන නැවතී නැති බවයි වාර්තා වන්නේ.
ඉහත කී යූටියුබකරුවන් දෙදෙනාට අමතරව තවත් යූටියුබකරුවන් කිහිප දෙනෙකුම ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගෙන දණ්ඩනීති සංග්රහය යටතේ නඩු පවරන බව පොලිසිය පවසනවා. මෙම යූටියුබකරුවන් අත්අඩංගුවට ගන්නැයි බොහෝ බොලිවුඩ් නළු නිළියන් සහ කලාකරුවන් පොලිසියෙන් ඉල්ලා සිටි අතර පොලිසිය ඉක්මනින් ක්රියාත්මක වීම පිළිබඳ ප්රසාදය පළකරමින් ඔවුන් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබුණා.
මහී