තුර්කියේ හමුදා ගුවන් යානා අනතුරකින් හතක් මරුට

තුර්කියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි වාන් පළාතේදී නිරීක්ෂක ගුවන් යානයක් කඩාවැටීමෙන් සන්නද්ධ අංශ සාමාජිකයන් හත් දෙනකු මියගොස් තිබෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවා.

මෙම පිරිසෙන් දෙදෙනකු ගුවන් නියමුවන් වූ බව වාර්තා වනවා.මුහුදු මට්ටමෙන් මීටර් 2200 ක් උස ආර්ටෝස් කඳුකරයේ මෙම අනතුර සිදු වුණා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.වාන් පළාත ඉරාන දේශසීමාවට යාබදව් පිහිටි ප්‍රදේශයක්.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor