
මෙම වසරේ පළමු කාර්තුවේ බරපතල ලෙස කඩා වැටුණ චීන ආර්ථිකය දෙවන කාර්තුවේ අනපේක්ෂිත වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.2 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි චීනයේ සංඛ්‍යාලේඛන කියා සිටින්නේ. ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු වූයේ සියයට 2.5 ක පමණ වර්ධනයක් පමණයි.
කෝවිඩ්-19 හේතුවෙන් සිදුවූ ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් වීම සමග කර්මාන්ත යළි ක්‍රියාවට නැගීම මෙම වර්ධනය කෙරෙහි බලපෑ බව පෙනී යනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවගේ භාණ්ඩ පරිභෝජනය තවමත් සාමාන්‍ය මට්ටමට පැමිණ නැහැ.
එමෙන්ම ගමනාගමන සීමා ද ඇතැම් ස්ථානවල තවමත් ක්‍රියාත්මකයි.මෙම වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථිකය සියයට 6.8 කින් පහළ වැටුණා. එය දශක ගණනාවක් තුළ වූ නරකම තත්ත්වය යි.