අසර්බයිජාන ඩ්‍රෝන 13 ක් බිම දැමූ බව ආර්මේනියාව කියයි

ජූලි 12 වනදා සිට මේ දක්වා සිදුවූ සටන් අතරතුර අසර්බයිජාන ඩ්‍රෝන යාත්‍රා 13 ක් බිමදැමූ බව ආර්මේනියාවේ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයකු කියා සිටියා.

මෙයින් 10ක් ප්‍රහාරක ඩ්‍රෝන ද ඉතිරි තුන නිරීක්ෂණ ඩ්‍රෝන ද වන බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ. මෙතරම් ඩ්‍රෝන සංඛ්‍යාවක් බිම හෙලීමට හැකියාව ලැබීම ආර්මේනියාවේ ගුවන් ආරක්ෂක ඒකකවල සමත්කම් පෙන්වන කරුණක් බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසුවා.

මේ අතර අසර්බයිජාන ප්‍රහාර හමුවේ මියගිය ආර්මේනියානුවන් සංඛ්‍යාව හතර දෙනකු දක්වා ඉහළ ගිය බව ද ආර්මේනියාව පවසනවා.නගර්නෝ-කරබාක් ප්‍රදේශයේ අයිතිය අරභයා දෙරට අතර වසර තිහකට වැඩි කලක් තිස්සේ මතභේදයක් පවතින අතර නිරන්තරයෙන් අවි ගැටුම් ද ඇති වනවා. අසර්බයිජානයට අයත් මෙම ප්‍රදේශයේ බහුතර ජනයා ආර්මේනියානුවන් වීම මෙම ගැටුමට හේතුවයි.

Recommended For You

About the Author: Editor