රාගමින් පැන ගිය සැක රෝගියා ගැන තොරුතරු මාධ්‍යයට නිකුත් කෙරේ

සම්ප්‍රදායක් ලෙස මෙවැනි රෝගය වැළඳුණු පුද්ගලයෙකු මාධ්‍ය වෙත අනාවරණය නොකරන නමුත් බහුතර ජනතාවගේ ආරක්ෂාව සඳහා මොහු සිටින ස්ථානය සොයා ගැනීම ඉතා අත්‍යවශ්‍ය බැවින් මොහු සම්බන්ධයෙන් වන තොරතුරු සමාජගත කරන පොලිසිය යම් තොරතුරක් වෙතොත් ළඟම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (06) රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් ඇති එම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් මාධය අංශයේ මුහුණු පොත වාර්තා කරන සම්පූර්ණ තොරුතුරු පහත දැක්වේ.

රාගම රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගය ආසාධිත වූ පුද්ගලයෙකු හඳුනා ගැනීමට මහජන සහය පැතීම.
2020.10.06 වන දින රාත්‍රී කාලයේදී කොරෝනා රෝගය ආසාධිත පහත නම් සඳහන් පුද්ගලයා රාගම රෝහලෙන් පැන ගොස් ඇති අතර මෙම පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි. අදාල රෝගියාගේ ඡායාරූපයක් මෙහි දැක්වේ.
එම රෝගියාගේ විස්තර
නම :- රාජවාසලදේආලලාගේ දොන් සරත් කුමාර
වයස අවුරුදු :- 62
ලිපිනය :- නො 307, නුවර පාර, පෑලියගොඩ.
සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස මෙවැනි රෝගය වැළඳුණු පුද්ගලයෙකු මාධ්‍ය වෙත අනාවරණය නොකරන නමුත් බහුතර ජනතාවගේ ආරක්ෂාව සඳහා මොහු සිටින ස්ථානය සොයා ගැනීම ඉතා අත්‍යවශ්‍ය බැවින් මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම මෙවැනි පුද්ගලයින්ට ආරක්ෂාව හෝ රැකවරණය සපයන පුද්ගලයින් සම්බන්ධයෙන් අනාවරණය වුවහොත් එවැනි පුද්ගලයින්ට විරුද්ධව නිරෝධායන නීති රෙගුලාසි අනුව ක්‍රියා කරනු ලැබේ.

Recommended For You

About the Author: Editor