චීන – ඉන්දියා දේශසීමා භටයින් අතර සාකච්ඡා සාර්ථකයි

චීනයේ සහ ඉන්දියාවේ ලදාක් ප්‍රදේශය ආශ්‍රිත දේශසීමාවේ හමුදා ඒකක අණදෙන නිලධාරීන් අතර පැවති සාකච්ඡාවල සිව්වන වටය ද සාර්ථක වී ඇතැයි වාර්තා වනවා.

දෙපාර්ශවය අතර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම පිළිබඳ මෙම සාකච්ඡා පැවැත්වෙනවා.ඊයේ සාකච්ඡා උදෑසන 11.30 සිට අද පාන්දර 2 දක්වාම ඇදී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

චීන – ඉන්දියා දේශසීමා භටයින් අතර මැයි හා ජූනි මාසවල ගැටුම් කිහිපයක් ඇතිවූ අතර, ජූනි 15 වනදා සිදුවූ බරපතල ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20ක් මියගියා. චීනය තමන්ට වූ ජීවිත හානි පිළිබඳ ප්‍රකාශයක් කළේ නැහැ.

අක්සායි චින් ප්‍රදේශය හා අරුණාචල් ප්‍රදේශ් පිළිබඳ දෙපාර්ශවය ම අයිතිය කියාපෑම හේතුවෙන් කලක් තිස්සේ චීනය හා ඉන්දියාව අතර දේශසීමා අර්බුදයක් පවතිනවා. දෙරට අතර මේ කරුණ මත 1962 දී යුද්ධයක් ද හටගත්තා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor