අරක්කු සිගරට් නිසා කොරෝනා වැඩිවෙනවා – වහාම තහනම් කරන්න

කොවිඩ් දෙවන රැල්ල නිර්මාණය වන්නට අරක්කු හා සිගරට් භාවිතාවද මත්ද්‍රව්‍ය භාවිතාවද ඉවහල්වූත් ඒ නිසා වහාම මත්පැන් අලෙවිසල් වසා දමා දුම්වැටි තහනම් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් මෙම බලපෑම සනාථවන බව පැවසූ සභාපතිවරයා අන්තරායකර ඖෂධ, මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි භාවිතය නිසා වන සිහිය විකල් වීම කොරෝනා පැතිරවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන බව පෙන්වා දුන්නේය.

කොරෝනා පළමු රැල්ල පැමිණි අවස්ථාවේදී එකම දුම්වැටිය හය දෙනෙක් භාවිත කිරීම හේතු කොට ගෙන කොරෝනා පැතිරුණු බවත් මේ අවස්ථාවේදී තවත් එවැනි කතා අසන්නට ලැබෙන බවත් කී සභාපතිවරයා දුම්වැටිය කොරෝනා පාලනය වන තුරු තහනම් කළ යුතු බව කීවේය.

එමෙන්ම අතීතයේ සිටම මැතිවරණයක් පවතින අවස්ථාවලදී මත්පැන්වලට විශේෂ ස්ථානයක් හිමි වූ නමුත් මෙවර මත්පැන් භාවිතය පිළිබඳව දේශපාලන නායකත්වය වගකීම භාරගත යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය

Recommended For You

About the Author: Editor