
කන්දකාඩුහී යුද හමුදා නිලධාරියකු නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමනිසාවෙන් ඔහු සංචරණය කළ පිළියන්දල ප්‍රදේශයේ සමීපතමයින් හා සංචරණයට ලක් වූවන් එකසිය දහතුන් දෙනෙකු අද (16) දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
මෙම ආසාදිතයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින අතර,ඉකුත් 4 සහ 5 යන දිනවල,ඔහුගේ මව පදිංචි පිළියන්දල දැල්තර ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී පිළියන්දල නගරයේ රාජ්‍ය බැංකුවකට,ගරාජයකට,ව්‍යාපාරික ස්ථාන තුනකට සහ නිවාස හතරකට ගොස් ඇතැයි පැවසේ .
ඒ අනුව එම ස්ථාන නිරෝධායනයට ලක් කොට එහි සේවය කළ 39 දෙනෙකු ඉකුත් 14 දා ස්වයං නිරෝධායනයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය .
පසුව එම ස්ථානවල සමීපතමයන් හා සංචරණය කළ වූවන් 113 ,පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සහ දැල්තර ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අද මෙසේ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව පැවසේ .
ඒ අතර පිළියන්දල කැස්බෑව කහතුඩුව බොරලැස්ගමුව මොරටුව හොරණ බණ්ඩාරගම බෙන්තර කඩුවෙල රත්මලාන දෙහිවල මහරගම එගොඩ උයන සහ රාජාංගනය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට අයත් පුද්ගලයන් 113 මෙම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .