වනජීවී නිලධාරීන්ට හෙට අසනීප වෙයි

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් හෙට (17දා) දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නියැලෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහත පැවසිය.

සමස්ත රාජ්‍යය නිලධාරින්ට වඩා අපි පැය 350 ක් සේවය කරනවා.නමුත් අපට කිසිදු දිරි දීමනාවක් හෝ ඇගයීමක් මෙතෙක් ලැබී නැහැ.

මාර්තු මස 17 දින විෂය භාර අමාත්‍යංශ ලේකම්වරිය අමාත්‍යයවරයාගේ නියෝගයකට අනුව දිරි දිමනාව ලබාදෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න සමත් වෙලා නැ.රටේ පවතින කොරොනා තත්ත්වය නිසා අපේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළා”.

නමුත් වෘත්තීය අයිතිවාසිකම් පිළිබදව අප අවධානයෙන් සිටින බව රජයට ඒත්තු ගන්වන්නයි අපි මේ ආකාරයෙන් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කරන්නේ

Recommended For You

About the Author: Editor