
මහජන චීනය විසින් ක්‍රියාත්මක කරන ලද ජාතික ආරක්ෂාව සම්බන්ධ නව නීතිය හේතුවෙන් හොංකොං හැරදමා යාම පිළිබඳ එම ප්‍රදේශයේ වැසියන් අතර කතාබහක් ඇතිවී තිබෙනවා.මෙම පසුබිමෙහි දී තායිවානය හොංකොං හැරදමා පැමිණ නීහ්‍යනුකූල ලෙස සිය රටෙහි පදිංචි වීමට හැකියාව ඇති පුද්ගලයන් පිළිබඳ කටයුතු කිරීමට වෙනම කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.
මෙමගින් එම ඉල්ලීම් එකින් එක වෙනම සලකා බැලීමට අපේක්ෂා කෙරෙනවා.ජූලි 1 වනදා විවෘත කළ මෙම කාර්යාලයට මේ වෙද්දී ද විශාල විමසීම් ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වනවා.එමෙන්ම ඉදිරියේදී චීනය හොංකොං හි කටයුතුවලට වැඩියෙන් මැදිහත් වීමත් සමග මේ ඉල්ලීම් ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි තායිවානය විශ්වාස කරනවා.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති හොංකොං ප්‍රදේශය 1997 දී චීනයට එක් වූයේ “එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය යටතේයි. ඒ අනුව හොංකොං වෙත සැලකිය යුතු ස්වතන්ත්‍ර පාලන බලයක් හා දේශපාලනික නිදහසක් ලබා දී තිබුණා. එහෙත් පසුගිය වසරේදී හොංකොං රජය විසින් සම්මත කරගන්නට උත්සාහ කළ උදර්පණ නීතියක් හේතුවෙන් එරට දැවැන්ත උද්ඝෝෂණ ඇතිවුණා.
චීනය ඊට පිළිතුරු දුන්නේ නව ජාතික ආරක්ෂක නීතියක් මෙම ජූලි 1 වනදා ක්‍රියාවට නැගීමෙන්. මෙයින් හොංකොං හි දේශපාලන නිදහස සම්පූර්ණයෙන්ම පාහේ සීමා වනවා.චීනයේ මෙම ක්‍රියාව විශේෂයෙන්ම ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ දැඩි විරෝධයට හේතු වුණා. බ්‍රිතාන්‍යය හිංකොං වැසියන්ට තම පුරවැසිකම පවා ප්‍රදානය කිරීමට සලකා බලන්නේ යයි වරක් නිවේදනය කළා.