කොවිඩ් 19 හේතුවෙන් විභාග පහක් කල් දැමේ

රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජූලි සහ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ විභාග 5ක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සදහා වන පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ශ්‍රී ලංකා ප‍‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගයට අදාළ ප‍‍්‍රාචීන පණ්ඩිත ප‍‍්‍රාරම්භ විභාගය, ප‍‍්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය සහ ප‍‍්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය මෙලෙස කල්දමා ඇති විභාග වේ.

මෙම විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මෙවර උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් සනත් මහතා පැවසයි.

Recommended For You

About the Author: Editor