
ධර්මසේන පතිරාජයන්ගේ සිනමා නිර්මාණයක් වන “බඹරු ඇවිත්” ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ විශේෂ ඇගයීමකට ලක්ව තිබෙනවා.
සෑම වසරකම ඔවුන් විසින් තෝරාගන්නා Cannes Classics චිත්‍රපට ගොන්නට මෙවර එම චිත්‍රපටයද ඇතුලත්.නව තාක්ෂණය යොදාගෙන ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි චිත්‍රපටි මෙම එකතුවට ඇතුලත් වනවා. මෙවර මෙම ලැයිස්තුව සම්පාදනය කෙරුණේ 17 වන වරටයි.
මෙවර Cannes Classics එකතුවට වෘත්තාන්ත චිත්‍රපට 25 ක් හා වාර්තා චිත්‍රපට හතක් ඇතුලත් වනවා. ෂෝන්-ලුක් ගොඩාර්ඩ්ගේ “Breathless” හා මයිකල්ඇන්ජලෝ අන්තෝනියෝනිගේ “L’Aventura” යන වසර 60 ක් පැරණි චිත්‍රපට දෙක එයින්ද විශේෂ වන බවයි පැවසෙන්නේ.”බඹරු ඇවිත්” ප්‍රතිසංස්කරණය කෙරුණේ L’Immagine Ritrovata ආයතනය විසින්.