අළු යට තිබූ කළු සුදු ගිණි පුපුරු පත්තු වේ

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයට සහය දැක්වීමත්,කරනු ලබන ප්‍රකාශත් සමඟ එම කණ්ඩායමේ ඇතුළත තිබූ වර්ණවාදී ක්‍රියාවන් හී අවලස්සන ලෝකයට හෙළි වෙන්නට පටන් ගෙන ඇත.වර්ණවාදයෙන් තොර දකුණු අප්‍රිකාවක් තැනීම වෙනුවෙන් විශාල කැපවීමක් කළ නෙල්සන් මැන්ඩෙලා ඒ වෙනුවෙන් කෙතරම් කැපවීමක් කළ ද,ක්‍රිකට් කණ්ඩායම තුළ ඊට වෙනස් තත්ත්වයක් තිබූ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඈස්වෙල් ප්‍රින්ස්ගේ ට්විටර් ගිණුමකින් ප්‍රකාශ වේ.

ක්‍රීඩා කල වසර 10 තුළම වර්ණවාදය නිසා කණ්ඩායම තුළ එකමුතුකමක් නොතිබි බවට ප්‍රින්ස් සිය ට්විටර් ගිණුමෙන් අවධාරණය කර සිටියි.එසේම ප්‍රින්ස් මෙන්ම මකායා එන්ටිනී,වර්නන් පිලැන්ඩර්,හර්ෂල් ගිබ්ස්,ජේ.පි.ඩුමිනි,සහ පෝල් ඇඩම්ස් යන හිටපු සහ වර්ථමානයේද ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ මේ සංවිධානයට එක් වෙමින්,ඒ  සඳහා මුලින්ම දායකත්වය දුන්,ලුන්ගි නිගිඩි ට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ,පැට් සිම්කොක්ස්,බෝතා ඩිපෙනර් වැනි ක්‍රීඩකයන්ට එරෙහිව නිගිඩිට ප්‍රශංසා කරමින් නිවේදන නිකුත් කරන එම ක්‍රීඩකයෝ නිගිඩිට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත්,සෙසු ක්‍රීඩකයන්ද මේ ව්‍යාපාරයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසති.

වරථමාන කොදෙව් කණ්ඩායමේ නායකත්වය දරන ජේසන් හෝල්ඩර් ද මීට සහය පළ කර තිබෙන අතර,ඊට පෙර හිටපු කොදෙව් නායකයන් වන ඩැරන් සාමි සහ ක්‍රිස් ගේල් ද ඊට සහය පළ කර තිබිණ.කොරෝනා සමයෙන් පසුව පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත සහ කොදෙව් කණ්ඩායම්වල ක්‍රීඩකයන් ද මේ ව්‍යපාරයට අනුව වර්ණවාදයට විරෝධය පළ කරමින් සිය දන නමා කළු ජීවිතද වැදගත් යන්නෙහි පිහිටා බ්ලැක් ලයිව්ස් මැටර් සංකල්පය ගෞරවයට ලක් කළේය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor