
කොරෝනා අසාදනය වීමෙන් විදෙස්ගත ලාංකිකයින් 40 දෙනෙකු මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එම්. වී. වන්සේකර මහතා පැවසුවේ, රටවල් 17 කින් එම මරණ වාර්තාවී ඇති බවය.
එලෙස මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 6 ක වන්දි මුදලක් ලබාදෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.