මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රානී ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පසුගිය පෙබරවාරි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද ජූනි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ද මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

Recommended For You

About the Author: Editor