
නව කොරෝනා රෝගය හෙවත් COVID19 රෝගය ඇතිකරන SARS-CoV-2 නම් වයිරසයට ප්‍රතිශක්තිකරණ එන්නත් රැසක් මේ වනවිට අත්හදා බැලෙමින් තිබෙනවා.
එම පර්‍යේෂණ සිදු කෙරෙන්නේ අදියර කිහිපයක් යටතේයි. ඉන් ඉදිරියෙන්ම සිටින එන්නතක් වශයෙන් සැලකෙන mRNA-1273 ප්‍රතිශක්තිකරණ එන්නතෙහි පළමු අදියරේ ප්‍රතිපල මේ වනවිට නිකුත් වී තිබෙනවා.
මෙම එන්නත නිපදවන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය (NIH) ට අනුබද්ධ National Institute of Allergy and Infectious Diseases (NIAID) ආයතනයේ අනුග්‍රහයෙන්. New England Journal of Medicine වෛද්‍ය සඟරාවෙහි ප්‍රකාශයට පත් වුණ එහි මූලික පර්‍යේෂණ ප්‍රතිපල වලට අනුව එන්නත මගින් වයිරසයට විරුද්ධව මිනිස් සිරුර තුල ප්‍රතිදේහ ක්‍රියාකාරිත්වයක් ඇතිකිරීමේ හැකියාවක් තිබෙන බව පෙනී ගොස් තිබෙනවා.
මාර්තු 16 වෙනිදා ආරම්භ කළ මේ සායනික පර්‍යේෂණය සඳහා මේ වනවිට 120 දෙනෙකු භාජනය වී තිබෙනවා. එන්නත ලබා ගත් අවුරුදු 18 ත් 55 ත් අතර පුද්ගලයින් අතරින් කිසිවකුටත් දරුණු සංකූලතා ඇති නොවීමත් විශේෂත්වයක්. අවස්ථා දෙකකදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පසු දේහයේ ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමෙන් වැඩි වී ඇති බව පර්‍යේෂණයේ ප්‍රතිපල පෙන්වා දෙනවා.
ලෝකයම බලා සිටින පර්‍යේෂණයක මූලික ප්‍රතිපල සාර්ථක මට්ටමේ ඒවා වීම COVID19 රෝගය ගැන යහපත් බලාපොරොත්තු ඇති කරනු ඇති බවට විශේඥයින් අදහස් පල කරනවා.