උතුරු මැසඩෝනියා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

උතුරු මැසඩෝනියා ජාතික මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය ඊයේ පැවති මහමැතිවරණය නිමවී පැය හතරක් තුළ අක්‍රිය වුණා.කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ඊට හේතුව හැකර් ප්‍රහාරයක් බවට සැක කරන බවයි.

කෙසේ නමුත් සිය ප්‍රධාන සර්වරයට හැකර් ප්‍රහාරය එල්ල නොවූ බව ජාතික මැතිවරණ කොමිසම පැවසුවා.වෙබ් අඩවිය අක්‍රිය වනවිට ඡන්ද ගණන් කිරීමෙන් සියයට 94 ක් පමණ අවසන්ව තිබුණා.

ඒ අනුව අගමැති සොරාන් සයෙව්ගේ මධ්‍ය වාමාංශික “අපට පුළුවන්” සන්ධානය සියයට 36 ක් ද VMRO පක්ෂය ප්‍රමුඛ “යළි පිබිදීම” සන්ධානය සියයට 34 ක් ද ඡන්ද ලබාගෙන තිබුණා. ඉතිරි ඡන්ද ප්‍රමාණයෙන් වැඩි කොටස ඇල්බේනියානු ජාතිකයන් නියෝජනය කරන පක්ෂ තුනක් අතර බෙදී ගොස් තිබුණා.

මේ අනුව සොරාන් සයෙව්, තමා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව නිවේදනය කළා. කෙසේ වෙතත් ඔහුට රජයක් පිහිටුවීම තනිව කළ නොහැකි වන බවයි ප්‍රතිඵල අනුව පෙනී යන්නේ.කලින් මැසඩෝනියාව නමින් හඳුන්වන ලද උතුරු මැසඩෝනියාව සිය නම වෙනස් කිරීමෙන් පසු පවත්වන ලද පළමු මහමැතිවරණය මෙයයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor