
කොරෝනා අවධානම සමග ජන්දය ප්‍රකාශ කිරිමට ජනතාව පැමිණිමේ ප්‍රතිශතය අඩු වෙනවා. 60% විතර ජන්දය ප්‍රකාශ කරයි. මැතිවරණයට සති දෙක තුනකට පෙර තමයි ජන්ද උණුසුමක් එන්නේ. සෞඛ්‍ය උණුසුම එක්ක මේක කරන්නේ කොහොමද කියන එක තමයි එකම ගැටළුව. ඇතැම් දේශපාලඥයෝ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකර මිනිස්සු දාහා දෙදහා ගෙනල්ලා රැස්විම් තියනවා. මැතිවරණයට යනව නම් යන්න ඕනි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවීන් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ගිනිගත්හේන නගරයේ මැතිවරණ ප්රචාරක කටයුත්තකට සහභාගි වෙමිණි.