
ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී කතා සහ වෛරය ඇවිළවීමේ ප්‍රකාශ වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් හඳුන්වා දීමට සලකා බලමින් සිටින බව ජිනීවාහි මෙරට වැඩ බලන නිත්‍ය නියෝජිත දයාන් මෙන්ඩිස් පවසා ඇත.
සාමකාමීව එක්රැස්වීමේ නිදහස සහ ආශ්‍රය කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් එන්. වූලේ (Clement N. Voule) විසින් කර ඇති චෝදනාවට විශේෂ පිළිතුරු වාර්තාවක් සම්පාදනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව සඳහා සාමාන්‍ය ආරක්ෂක ජාල ක්‍රියාත්මක කිරීම හැරුණු විට කිසිදු විශේෂ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර නොමැති බවයි