PHI ලාට බලය නොපවරවා මැතිවරණ ගැසට් නිවේදනය අද

මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (17 වැනිදා) ප්‍රකාශයට පත් කළද නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවැරීම සිදු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවරීම තුළින් සාමාන්‍ය ජනතාවට පීඩාවක් ඇතිවිය හැකි නිසා එය බලාත්මක කිරීම ප්‍රමාද කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය නීතිරීති ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොලැබුණහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශ බිම් මට්මේ ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Recommended For You

About the Author: Editor