
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට ලබන අගෝස්තු මස 11 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ (16 වැනිදා) නොතීසි නිකුත් කර තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය මත ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පැමිණිල්ල විභාග කිරීම ලබන අගෝස්තු මස 13 වැනි දින තෙක් කල් තැබීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ඊයේ (16 වැනිදා) තීරණය කළේය.
මෙම කොමිසම රැස්වන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුඩා කාමරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කොවිඩ්-19 වසංගතය බෝවිය හැකි බවට වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති කොමිසම අදාළ පැමිණිල්ල විභාග කිරීම කල් තැබීය.