දකුණු කොරියානු ජනාධිපතිට සපත්තු ප්‍රහාරයක්

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් වෙත අද සපත්තු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මූන් ජේ ඉන් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත් වෙද්දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ චුංග් නම් අයෙක්.

ප්‍රහාරකයා තමා පයේ දමා සිටි සපත්තුව ගලවා පහර එල්ල කර තිබෙනවා.කෙසේ වෙතත් මූන් එම පහර මග හැරීමට සමත් වුණා.මෙම ක්‍රියාවට හේතුව පැහැදිලි නැහැ. පොලිසිය විසින් ප්‍රහාරකයාව අල්ලාගනු ලැබුණා.

Recommended For You

About the Author: Editor