ගුවනේ ප්‍රාණ ඇපකරුවන් බේරන්න ලංකාවෙන් කණ්ඩායමක්

අන්තර්ජාතික ගුවන් ගමන් අතරතුර සිදුවන ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම් සිදුවීම් සහ ගුවන් යානා පැහැර ගැනීම්වලදී මැදිහත්ව එම ගැටලු නිරාකරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 09 දෙනකු පත් කර තිබේ. ඔවුන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම් මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකරනු ඇත. අන්තර්ජාතික ගුවන් සේවා සම්මුතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව විසින් මෙවැනි විශේෂ කණ්ඩායමක් පත් කළ පළමු අවස්ථාව මෙයයි.

ආරක්ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේ ඊයේ (16 වැනිදා) පැවැති නිල උත්සවයකදී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනී‍මේ මැදිහත්කරුවන් වෙත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පත්වීම් ලිපි භාර දෙන ලදී. මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ පුහුණුවක් ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Recommended For You

About the Author: Editor