
අප්‍රිකාවේ රාජ්‍යයක් වන ගැබොන් හි පළමු අගමැතිණිය ලෙස හිටපු ආරක්ෂක ඇමතිණී රෝස් ක්‍රිස්ටියෑන් ඔසූකා රපොන්දා පත් කරනු ලැබුණා.
ඊයේ දිනයේ මෙම පත් කිරීම කරන ලද්දේ ජනාධිපති අලි බොංගෝ ඔන්ඩිම්බා විසින්.ඔසූකා රපොන්දා 2014 දී ලිබ්‍රවිල් අගනුවර පළමු නගරාධිපතිණිය ලෙස තේරී පත්වුණා.නව අගමැතිණිය පත් වීමෙන් පසු අලුත් කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් නම් කෙරෙනු ඇති.
ගැබොන් රාජ්‍යයේ ආර්ථිකය මූලිකව රැඳී පවතින්නේ ඛනිජතෙල් මතයි. එහෙයින් තෙල් මිල පහළ යාම රජය වර්තමානයේ මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. එමෙන්ම කෝවිඩ්-19 වසංගතය ද නව අගමැතිණිය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වනු ඇති.
ඔසූකා රපොන්දා ජනාධිපති අලි බොංගෝ ඔන්ඩිම්බා යටතේ සේවය කරන හයවැනි අගමැති වනවා. සිය පියාගේ මරණයෙන් පසු ජනාධිපතිවරයා බලයට පත්වූයේ 2009 වසරේදී යි.
