එංගලන්තය සෙමින් ගොඩ එයි

පළමු තරඟය පරාජය වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම සමඟ පැවත්වෙන ටෙස්ට් තරඟාවලියේ 0 – 1 ලෙස පිටුපසින් සිටින එංගලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරඟයේදී ඊයේ දවස පුරා මන්දගාමී ක්‍රීඩා රටාවක නියැලෙමින් දිනය නිමාවන විට පන්දුවාර් 82 තුළ කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ලකුණු 2017 ක් පමණක් ලබා සිටියි.

වර්ෂාවෙන් සුළු බාධා ඇති වුව ද තරඟයේ වැඩ කාලයක් යහපත්ව ගෙවුණු අතර කොදෙව් පන්දු යැවීමේ බල ඇණිය එංගලන්තය දෙසට පීඩනය හරවමින් මුල් කඩුලු තුන ලකුණු 81 තු දවා ගත්තේ පන්දු ඕවර් 31.2 තුළදී ය.එතැන් සිට නොදැවී සිටි ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි සමඟ එක් වූ බෙන් ස්ටොක් දවස පුරා එකඳු කඩුල්ලක්වත් එංගලන්තයට ලබා නොදෙන්නට වග බලා ගනිමින් පන්දු ඕවර් 50.4 දී ලකුණු 126 ක් එක් කරගෙන ඇත.

පන්දු 253 ට මුහුණ දි සිටින සිබ්ලි කුණු 86 ක් රැස් කරගෙන සිටින අතර ස්ටොක් පන්දු 159 දී රැස් කරගෙන සිටින ලකුණු ප්‍රමානය ලකුණු 59 කි.මැන්චෙස්ටර් තණතිල්ල දඟ පන්දුවෙන් ආක්‍රමණය කළ රොස්ට්න් චේස් දැවී ගිය එංගලන්ත කඩුලු 3 න් දෙකක්ම තමන් සතු කරගෙන සිටින්නේ ලකුණු 63 ක් ලබා දෙමින්ය.

අද තරඟයේ දෙව දිනය වන අතර සජීවි ලකුණු විස්තරයට පහත සබැඳියෙන් ඇතුළත් වන්නට හැකියාව ඇත.

https://www.espncricinfo.com/series/19497/game/1225248/england-vs-west-indies-2nd-test-west-indies-in-england-2020

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor