නියෝජිතයා පත් කරන්න පාර්ලිමේන්තුව නිමා වන තෙක්ම හැකියාව තියෙනවා – සභාපති මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ නිමා වූ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු අසුන සඳහා කවුරුන් පාර්ලිමේන්තුවට පත් කර එවන්නේද යන්න තීරණය කිරීමට හැකියාව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම පවතින බවය.

lankafastnews.com කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරන කොමිෂන් සභාවේ සභාපතිවරයා 1989 පැවති මහා මැතිවරණයට තරඟ කළ එක්සත් සමාජවාදී පෙරමුණ විසින් ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලද ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා පාර්ලිමේන්තුවට එන්නට පෙර මිය ගොස් තිබෙන බව පෙන්වා දුන්නේය.

“ඒ පක්ෂය ඒ පුරප්පාඩුව පිරෙව්වෙ දෝෂාභියෝගය අවස්ථාවෙ.ඒ කියන්නෙ 91 දී.රාජා කොල්ලුරේ තමයි මන්ත්‍රී හැටියට පත් කරලා එව්වෙ.”සභාපතිවරයා දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් පත් නොකර සිටි අවස්ථාවක් උදහරණ ලෙස ගෙන පැවසුවේය.

එසේම එම මැතිවරණයේදීම දෝෂාභියෝග අවස්ථාව 91 දි පැමිණෙන තෙක්ම පාර්ලිමේන්තුවට තමන්ට හිමි ජාතික ලැයිස්තු ධූරයට මන්ත්‍රීවරයෙක් පත් නොකළ තවත් කණ්ඩායමක් ගැන ද සභාපතිවරයා උදාහණයක් ලෙස පෙන්වා දුන්නේය.ඒ 89 මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික් ස්වාධින කණ්ඩායම 1 ය.ඔවුන් ද 89 මැතිවරණයේ දී පත් වූ මන්ත්‍රීවරයා නම් කර පාර්ලිමේන්තුවට එවන්නේ 91 වසරේ දී ය.

දැනට අපේ ජන බල පක්ෂය මන්ත්‍රී අසුන සඳහා එක් අයෙක් නොව පක්ෂයේ ලේක්මවරු යැයි කියා ගන්නා දෙදෙනෙක් විසින්, දෙදෙනෙක්ම පත් කර තිබෙන බව පැවසූ සභාපතිවරයා ඒ නිසා එම ගැටළුව අධිකරණයෙන් විසඳි පැමිණිය යුතු එකක් බව පෙන්වා දුන්නේය.එක්සත් ජාතික පක්ෂය කිසිවෙක් තවමත් නම් කර එවා නැති බව පැවසුවේය.

Recommended For You

About the Author: Editor