ජම්මු කාශ්මීරයේ සටනකින් ත්‍රස්තවාදීන් තිදෙනකු මරුට

ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ සිදුවූ සටනකින් ත්‍රස්තවාදීන් තිදෙනකු මියගිය බව ඉන්දියාව පවසනවා. ඉන්දීය හමුදා භටයන් තිදෙනකු එහිදී තුවාල ලබා තිබෙනවා. පොලිසිය මේ වනවිට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ජම්මු හා කාශ්මීර් හි සිවුවූ සටන්වලින් ත්‍රස්තවාදීන් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඉන්දියාව පවසනවා. මේ අතර ඉන්වීය ආරක්ෂක අංශවල සාමාජිකයන් 27 දෙනකු ද මෙම ගැටුම්වලින් මියගොස් තිබෙන බවයි රජය පවසන්නේ.

පසුගිය වසරේදී ජම්මු හා කාශ්මීරය සඳහා වූ විශේෂ වරප්‍රසාද සහිත තත්ත්වය ඉවත් කිරීමෙන් පසු ත්‍රස්තවාදී කටයුතු සීමා වූ බව මීට පෙර රජය පෙන්වා දෙන්නට උත්සාහ කළා. එහෙත් මේ වනවිට ත්‍රස්ත ක්‍රියා සත්‍ය වශයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරන බව රජය පිළිවෙන තිබෙනවා.

මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ පසුගියදා ප්‍රකාශ කළේ පාකිස්ථානයේ සිට ජම්මු හා කාශ්මීර් වෙත පැමිණීමට රැකගෙන සිටින ත්‍රස්තවාදීන් 300 ක් පමණ වන බවයි.කාශ්මීරය පිළිබඳ ඉන්දු-පාකිස්ථාන ගැටුම 1947 කරා දිවෙනවා. මේ අර්බුදය දෙරට අතර ඇතිවූ යුද්ධ තුනෙන් දෙකකටම හේතු වුණා. එමෙන්ම දෙරට අතර අප්‍රකාශිත කාර්ගිල් යුද්ධයට ද හේතු වූයේ මෙම අර්බුදයයි. ඉන්දියාව පවසන්නේ කාශ්මීරයේ ක්‍රියාත්මක විවිධ ත්‍රස්ත සංවිධාන පාකිස්ථානයේ ආධාර ලබන බවයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor