PHIලා COVID රාජකාරි වලින් ඉවත් වෙයි

අද රාත්‍රියේ නිකුත් වීමට නියමිත මැතිවරණය සදහාවු රජයේ සෞඛ්‍ය නියාමනයන් ඇතුලත් ගැසට් පත්‍රයේ තමන්ට නියමිත සේවා වගකීම් නිශ්චිත ලෙස සදහන් කර නොමැති නිසාවෙන්ද තම රාජකාරියේ නෛතික භාවය එහි ආරක්ෂා කොට නැති නිසාවෙන්ද අද දහවල් 12.30 සිට කොවිඩ් සම්බන්ධ රාජකාරි වලින් තමන් ඉවත් වූ බව රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ මහතා පවසයි.

තම සංගමයේ තීරණය ලිඛිතව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේවන විට යොමුකර ඇති බවද ඒ මහතා සදහන් කරයි.

එම වෘත්තීය තීරණයට අනුව අප මෙම පුවත පළකරන මොහොතේදීද මහජන සෞඛ්‍ය පරීක්ෂක්වරුන් කොවිඩ් 19 සම්බන්ධයෙන් සිය රාජකාරියෙන් ඉවත්ව ඇත

Recommended For You

About the Author: Editor