ඉන්දීය ආරක්ෂක ඇමති ලදාක් දේශසීමාවේ සංචාරයක

ඉන්දු-චීන දේශසීමා ගැටුම් සමහන් කරගැනීම සඳහා සාකච්ඡා සිදුවන අතරවාරයේ ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලදාක් ප්‍රදේශයේ ඉන්දු-චීන දේශසීමාව වෙත සංචාරයක් අරඹා තිබෙනවා.

ලෙහ් දිස්ත්‍රික්කයේ ස්ටක්නා ප්‍රදේශයේදී ඔහු ඉන්දීය හමුදා විසින් සිදුකළ යුධ අභ්‍යාසයක් නිරීක්ෂණය කළා. පැරෂුට් මගින් ගොඩබිමට බැසීම ආදී අංග ඊට ඇතුලත් වුණා.නැගෙනහිර ලදාක් හි ඉදිරිපෙළ ආරක්ෂක වළල්ල වෙත ද ඇමතිවරයා සංචාරය කරනු ඇති.

ඔහු සමග යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.චීනය සහ ඉන්දියාව අතර මැයි සහ ජූනි මාසවල දේශසීමා ගැටුම් කිහිපයක් සිදුවුණා.

ජූනි 15 වනදා සිදුවූ ගැටුම ඉතා බරපතල වූ අතර ඉන්දියානුවන් 20 දෙනෙක් එහිදී මියගියා.ජූලි මාසයේ මුලදී අගමැති නරේන්ද්‍ර මෝදි ද දේශසීමා ප්‍රදේශයේ සංචාරය කළා. එමෙන්ම දෙපාර්ශවයේ යුධ හමුදා මට්ටමේ සාකච්ඡා දිගටම පැවැත්වෙනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor