රග්බි සම්ප්‍රදාය රැකේ.ඉල්යාස් නිතරඟයෙන් මුල් පුටුවට

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණයට වත්මන් සභාපති ලසිත ගුණරත්න ඉදිරිපත් නොවන බව තහවුරු කර ඇති බැවින් එහි සභාපති ධූරය නිතරඟයෙන් වත්මන් උප සභාපතිවරයෙක් වන රිස්ලි ඉල්යාස්ට හිමිවනු ඇත.බස්නාහිර පළාත් සංගමය සාමාජික මුදල් නොගෙවීම සම්බන්ධයෙන් චෝදනාවකට යටත්ව පරීක්ෂණයක් ක්‍රියාත්මක වුව ද එම සංගමය හරහා සභාපති ධූරයට ඉදිරිපත් වන ඉල්යාස් මහතාට තනතුර ලබා ගැනීමට එය ගැටළුවක් නොවනු ඇති බව තමන් තරඟ නොකරන තීරණය දැණුම් දෙමින් ලසිත ගුණරත්න මහතා පවසයි.

සාමාන්‍යයෙන් රග්බි ආයතනයේ සභාපති ධූරයට තරඟ වැදීම සඳහා නම් කිහිපයක් යෝජනා වුව ද පසුව එම තනතුර නිතරඟයෙන් පත්වීම සම්ප්‍රදායක් මෙන් කාලයක් තිස්සේ සිදුවන අතර මෙවරද එම සම්ප්‍රදාය රකිමින් වත්මන් සභාපතිවරයා ඉවත් වී රිස්ලි ඉල්යාස් සඳහා සඳහා එම අවස්ථාව ලබා දීමට ක්‍රියා කර ඇත.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor