
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා තිබෙනවා.
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ මෙම ආසාදිත සංඛ්‍යාව 2,012,151 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙයින් 76,688 දෙනකු මියගොස් තිබෙනවා.
බ්‍රසීලය ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තාවන රටයි. ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3.5 ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවේ ද ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියා.
මේ අතර මුල් කාලීනව සමාජ දුරස්ථභාවය ආදී පියවර අනුගමනය කරනු ලැබූ, පසුව එම පියවර ලිහිල් කළ ආසියාවේ රටවල් කිහිපයකම නැවත වරක් ආසාදිතයන් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ ද ඇතැම් ප්‍රාන්තවල දෙවැනි රැල්ලක් ඇරඹී තිබෙන බවක් පෙන්නුම් කෙරෙනවා.
