සහරාන්ගේ බිරිද පාස්කු කොමිසමට

අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබාදීමට පැමිණියා ය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ඇය අද පෙරවරුවේ කොමිෂන් සභාව වෙත රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේයි.

කොමිසම හමුවට ඊයෙ දිනයෙත් සාක්ෂිකාරිය කැඳ වුවද, ඇයගෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් ඊයේ සිදු නොකෙරිණ.

ඒ, දැනට අධිකරණය හමුවේ අප්‍ර්ල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින නඩු කටයුතුවලට ඇය කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමෙන් බාධාවක් ඇති විය හැකි බව දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව ඊයෙ කොමිසම හමුවේ කළ කරුණු දැක්විම සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ලබා ගැනීම තාවකාලිකව කල් තැබිම හේතුවෙනි.

සැකකකාරිය ඇතුළු 6 දෙනකු ලබන 4 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සහරාන් හෂීම්ගෙ බීරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 17 කට ආසන්න කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයෙ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

Recommended For You

About the Author: Editor