සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට්ටුව නිකුත් වෙයි. ගැසට්ටුවට PHIලාගේ විරෝධය

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණි.

එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ. කෙසේ නමුත් මෙම ගැසට් පත්‍රයෙන් තමන්ගේ රාජකාරී ස්වභාය අවතක්සේරු කර ඇතැයි පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මර්ධන රාජකාරී වලින් ඉවත්වී ඇත.

Recommended For You

About the Author: Editor